වහළ මත සවිකර ඇති සූර්ය පැනල ක්‍රියා විරහිත කරන්න


පද්ධතියේ ස්ථායීතාව පවත්වාගෙන යාම සඳහා අද (31) දිනයේ ද පෙ.ව. 8 සිට ප.ව. 3 දක්වා වහළ මත සවිකර ඇති සූර්ය පැනල ක්‍රියාවිරහිත කරන ලෙස සූර්ය පැනල පද්ධති හිමි විදුලි පාරිභෝගිකයින්ගෙන් ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම ඉල්ලා සිටී. හදිසි විදුලි බිඳවැටීමක් ඇතිවීම වලක්වා ගනිමින්ප ද්ධතියේ ස්ථායීතාවය රැක ගැනීම සඳහා ස්වේඡාවෙන් තම සූර්ය පැනල ක්‍රියා විරහිත කරන ලෙස මෙම ඉල්ලීම සිදුකර තිබේ.

ජාතික විදුලිබල පද්ධතියේ ඇති වූ අසමතුලිතතාවක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඊයේ (30) දිනයේ පැය කිහිපයක් සඳහා විදුලි සැපයුම විසන්ධි කිරීමට සිදුවිය.

වෙසක් පොහොය සහ දීර්ඝ සති අන්තය හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියේ විදුලි ඉල්ලුම පුරෝකතනය කළ කාලසීමාවට වඩා ශීඝ්‍රයෙන් පහළ යාම හා සූර්ය පැනල මගින් ජනනය වන විදුලිය ප්‍රමාණය ඉහළ අගයක් ගැනීම හේතුවෙන් ඊයේ ජාතික පද්ධතියේ අසමතුලිතතාවක් නිර්මාණය වූ තිබුණි.

 



Recommended Articles